in

#SLvSA T20 සංචිතය සමග හත් පොලේ ගා ගැනීම

නව තේරීම් කමිටුව පත් වීමත් සමග ටෙස්ට් කණ්ඩායමට සිදුකල යම් යම් වෙනස්කම් සාර්ථකත්වයක් අත්කර ගත්තේය , ඇබුල්දෙනිය , විශ්ව  , ඕශද එවන් සාර්ථකත්වය ලබා ගත් ක්‍රීඩකයන්ය . නව තේරීම කමිටුව නිසි අද්‍යනයකින් තොරව ක්‍රීඩකයන් නම් කළා යයි පෙනී යන්නේ, ටෙස්ට් ක්ණ්ඩායමේ ක්‍රීඩකයන් වන ඕශද , විශ්ව, ඇන්ජෙලෝ පෙරේරා එලෙසම එක්දින සංච්තයටත් නම් කිරීමය , ඓහිදී යම් තරමක් හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ ඕශද පමණි. ඇන්තර් සමාජ තුන් දින/ සිවු දින ලකුණු ලබා ගත් පියමාල් පෙරේරාත් මෙම එක්දින සංචිතයට නම් කරන ලදී, සමාජ මාද්‍ය ජාල වල ජනප්‍රිය නිසා කණ්ඩායමට නම් වූ අවිශ්ක සහ කමිදුත් අසාර්ථක වන්නේ ජාත්‍යන්තර තරග සහ අපගේ Club Cricket වල තිබෙන පරතරය අහසට පොළොව මෙන් බව කියා පාමිනි.

එවන් පසුබිමක T20 සංචිතය ප්‍රකාශයට පත් වේ , එහිදීත් ඇන්ජෙලෝ , පියමාල් , කමිදු , අවිශ්කට අවස්ථාව උදා වන්නේ , හොදම කණ්ඩායම නම් කරනවාට වඩා තමා තෝරා ගෙන ඇත්තේ නිවරදි ක්‍රීඩකයන් බව ඒත්තු ගැන්වීමටය. බලය තිබූ පමණින් තමන් කරන වරද සාධාරණීකරණය කරන්න යෑම අති පණ්ඩිත කමකි. දසුන් ශානක යනු ලෝක කුසලානයේ ප්‍රයෝජන ගැනීමට පසුගිය කාලය පුරාවට මුවහත් කර ගනිමින් සිටි සම්පතකි, එක්දින සංචිතයේ තියා ඔහු විශේෂත්වයක් දක්වන T20 සංචිතයටවත් නොගන්නේ කාගේ බලපෑමක් නිසාදැයි  වැටහෙන්නේ නැත, T20 තරග රටාවේ දක්ශයන් වන අසේල ගුනරත්න, ගුණතිලක , දිල්ශාන් මුනවීටවත් අවස්ථාවක්  නොදේ ,

ලෝක කුසලානයක් වැනි තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම  T20 තරගාවලිය යොදාගත්තා නම් , ධනුශ්ක ගුණතිලක , දසුන් ශානක , ජීවන් මෙන්ඩිස් වැන්නවුන් යොදා ගන්නට තිබුණි, මාගේ මතයට අනුව වැන්ඩසේ සාමාන්‍ය පා දග පන්දු යවන්නෙක් වන අතර ඔහුගේ පාදග පන්දු  යවන්නෙක්ගෙන් දැකිය හැකි තර්ජනාත්මක බව සහ කඩුලු ලබා ගැනීමේ හැකියාව දක්නට නැත. වනිදු සහ ජීවන් දෙදෙනාම වැන්ඩසේට වඩා පිත්තෙන් පන්දුවෙන්  මෙන්ම පන්දු  රැකීමෙන්ද දස්කම් පෙන්වයි

චන්දය ලබා ගැනීමෙන් පසුව සංචිතය නම් කිරීම ඕනෑම කෙනෙකුට සැකයක් උපදී, නොකර බැරි කමට ඉසුරු උදානට අවස්ථාව ලැබුනත් ඔහු ඒ අවස්තාවෙන් තම ස්ථානය තහවුරු කර ගනිමින් සිටී ,

ඉතිරිව ඇත්තේ පළාත් තරගාවලිය පමණි , එහි තේරීම්ද දැඩි සැකයට භාජනය වන්නේ ප්‍රීමියර් පංදුවාර තරගාවලියේ දක්ශතා දැක්වූ හසිත බෝයගොඩ සහ ධම්මික ප්‍රසාද්  Stand By ක්‍රීඩකයන් ලෙස පමණක් යොදාගෙන ඇති නිසාවෙනි

තමන්ගේ පුහු මානය අමතක කොට අත්දැකීම් ඇති දක්ශයන් පිරිසක් ලෝක කුසලානයට නම් කිරීමයි වැදගත් වන්නේ . නායකයාටවත් , පුහුණුකරුටවත්, කළමනාකරුටවත් දැන් දෝෂාරෝපණය කළ නොහැකිය , මොකද අවසන් 11 තේරීම ඇතුළු  සියලුම තේරීම් වලට තේරීම් කමිටුව වග කිව යුතු නිසාවෙනි , ඇත්ත දක්ශතා දක්වන තරුණ ක්‍රීඩකයන් ගොන්නක් අපිට සිටී, සිදු කළ යුත්තේ ඔවූනව ශ්‍රීලංකා A කණ්ඩායමේ සංචාර වලින් යම් දක්ශතා වර්ධනයකට මග විවර කර දීමයි,

මේ අවස්ථාවේ අත්දැකීම් ඇති සංචිතයක් ලෝක කුසලානයට යෑමෙන් සිදුවිය හැකි දරුණු පරාජක් අවම කර ගත හැකිය , එසේ නොමැතිනම් ඇෆ්ගනිස්තානයට සහ බංගලාදේශයට පරාජය වීමවත් ශක්‍රයාටවත් වැළැක්වීමට නොහැකිය, තෙරීම කමිටුවේ එකදු සාමාජිකයෙක් හෝ T20 එක තරගයක් හෝ ක්‍රීඩා කර තිබුණානම් යැයි මට වෙලාවකට සිතේ

සටහන : සජීව රත්කරව්ව

Leave a Comment