in

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායට විදෙස් පුහුණුකරුවකු මේ සතියේ

Sri Lanka cricket coach Chandika Hathurusingha

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු රොමේෂ් රත්නායක වෙනුවට විදෙස් පුහුණුකරුවකු මේ සතියේදී ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

විදෙස් පුහුණුකරුවන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ පුහුණුකරුවා තෝරාගෙන තිබේ. එළැඹෙන පාකිස්තාන් සංචාරයේ සිට ඔහු සිය පළමු මෙහෙයුම ඇරඹීමට නියමිත බවත් එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් අනාවරණය වේ. කෙසේ වෙතත් ලබන සතියේදී ඔහු සමග ස්ථිර එකඟතාවකට පැමිණිමෙන් පසුව පුහුණුකරුවා සම්බන්ධයෙන් සියලු තොරතුරු මාධ්‍යයට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.

අදාළ පුහුණුකරුවා මේ වන විටත් කොන්ත්‍රාත් පදනම මත රාජකාරි කරන බැවින් ඔහුගේ නම ඉදිරියේදී සඳහන් කරන බවත් කෙසේ වෙතත් මේ වන විටත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා බවට කටයුතු කිරීමට සියයට සියයක් එකඟ වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව මේ වන විටත් ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කර ඇති අතර ඔහුට ගෙවූ මිලියන හතක වැටුප නව පුහුණුකරුවාට ලබානොදෙන බවත් සඳහන් වේ. ඒ අනුව නව පුහුණුකරුවාගේ වැටුප හතුරුසිංහගේ වැටුපට වඩා භාගයකටත් පමණ අඩු බවද වාර්තා වේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ නව වෙනසක් ඇති කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇති අතර පිතිකරණ පුහුණුකරුවකු වශයෙන්ද විදෙස් පුහුණුකරුවකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කර තිබේ. මේ අතර වත්මන් ප්‍රධාන පුහුණුකරුවා වන රොමේෂ් රත්නායක තවදුරටත් වේග පන්දු පුහුණුකරුවා වශයෙන් කටයුතු කරනු ලබයි…

Leave a Comment