in

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරුගේ සේවය අවසන්?

Sri Lanka batting coach Grant Flower

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතාගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි ප්‍රධාන නිලධාරියකු පැවැසීය.

ග්‍රාන්ට් ෆ්ලවර් මහතාගේ සේවය පිළිබඳව ක්‍රිකට් තාක්ෂණික කමිටුව සෑහීමකට පත් නොවන බවත් ඒ හේතුවෙන් වෙනත් පුහුණුකරුගේ සේවය ලබා ගන්නට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment