in

The best coach SLC can ever find

A post from Facebook…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුගේ භූමිකාව…

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගෙන් ක්‍රීඩා ඇමති, ක්‍රිකට් ආයතනය, ඇතැම් ජන මාධ්‍යය හා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන කාර්යය – වසරක් හමාරක් තුල ආසියානු කුසලානය දිනා, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් එම රට වලදීම පරාජය කර ඉනික්බිති පවත්වන ලෝක කුසලානය රටට දිනා දීම..

ඒ කාර්යන් සාර්ථක ලෙස ඉටු කිරීමට පුහුණුකරුට ලැබෙන කණ්ඩායමේ ස්වභාවය –

1. වසර දෙක හමාරක් තුල ක්‍රීඩකයින් 6 දෙනෙක් අතර අවස්ථා 6 කට වැඩි වාර ගණනක්  නායකත්වය හුවමාරු වූ එක්දින කණ්ඩායමක්…

2. ජීවයක් නැති තණතීරු වල තරගකාරිත්වයක් නැති දින තුනේ ක්‍රිකට් තරඟ ක්‍රීඩාකර ජාතික කණ්ඩායමට පැමිණි, ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට අවශ්‍ය මානසික සංයමය හා ඉවසීමත් නැති, එක්දින තරඟ වල ඇති තරඟකාරීත්වය හා පීඩනය ත් දරාගත නොහැකි පිතිකරුවන් රෑනක්..

3. දෘශ්‍යාබාධිත පුහුණුකරුවන් යටතේ පුහුණු වී දෘශ්‍යාබාධිත විනිසුරුවන් ඉදිරියේ, පළමු පන්දුවේ සිට දඟ කැවෙන තණතීරු වල දී ක්‍රීඩාකර පොරත්වයට පත්ව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු ලබා ගත නොහැකි, අඩු ලකුණු ප්‍රමාණයකට පන්දුවාරයක් යවාගත නොහැකි හෝ පන්දුව දමා ගැසීමෙන් දස්කම් දක්වා පන්දු යැවීම තහනමට ලක්වන දඟ පන්දුයවන්නන් පිරිසක්..

4. දඟ පන්දු යවන්නන්ට සුදුසු තණතීරු වල පවත්වන පළමු පෙළ තරඟ වලදී ප්‍රමාණවත් පන්දුවාර ගණනක් යැවීමට අවස්තාව නොලබා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස කඩුලු ලබා ගැනමට හෝ අවසන් පන්දුවාර අඩු ලකුණු ප්‍රමාණයකට යවා ගැනීමට අවශ්‍ය උපක්රමශිලිතාවය, ශිල්පිය හැකියාව නැති හා නිසි ශාරීරික යෝග්‍යතාව ක් නොමැතිව නිතරම ආබාධයන්ට ලක් වන වේග පන්දු යවන්නන් පිරිසක්..

5. උපරිම ලෙස කණ්ඩායමේ ස්ථාවරය ක්‍රීඩකයන් හතර දෙනෙක් පමණක් සිටින ඉන් දෙදෙනෙක් නිතරම ආබාධයන්ට ලක්වෙන හා අනිත් දෙදෙනා හා ඔවුන්ගේ භාර්යාවන් නායකත්වය සඳහා කෙහෙවලු පටලා ගන්නා එක්දින කණ්ඩායමක්..

6. පසුගිය වසර 20 න් වැඩි කාලයක් බුකී ව්‍යාපාර වල නියතු ව්‍යාපාරිකයෙක්  අත ත් හිතුවක්කාර දුෂිතයන් රැලක්  අත ත් අනෙක් බොහෝ අවස්ථාවල දේශපාලන හෙන්චයියන් අත ත් බලය හුවමාරු වන පාලක මණ්ඩලයක් විසින් නියාමනය කරන කණ්ඩායමක්..

7. කලක් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයෙන් තරඟ පාවා දීමට සමබන්ධ යයි දුෂණ චෝදනාවට ලක් වුවෙකු අතිනුත්, ඉන්පසු ආර්ධකාලින රැකියාව ලෙස රාජකාරියේ නිරතවන පුද්ගලයෙකු අතිනුත් තේරීමට ලක් වූ කණ්ඩායමක්..

ඊළඟ ට එන දකුණු අප්‍රිකා සංචාරයත් දිනලා ලෝක කුසලානෙත් දිනා ගන්න පුළුවන් මට්ටමට ටීම් එක ගොඩ දාන්න පුළුවන් ඩෑල් එක හොයාගත්තා..ඔය උඩ ඉන්නේ …

Leave a Comment

2 Comments