in

තේරීම් කමිටුවේ නොතේරුම්කම්

තේරීම් කමිටුවේ නොතේරුම්කම්

අශන්ත ඩි මෙල් හරි කියා දගලන බුකී වීරයන්ට ප්‍රශ්න කීපයක්

1) 2019 දෙසැම්බර් මස පැවැත්වූ පළමු පෙල එක්දින තරගාවලිය ඇතුලුව ලංකාවේ අද වෙනකම් පැවැත්වූ List A තරගවල  වාර්තා වූ ශතක 9න්  3ක් ම වාර්තා කර ඇත්තේ උපුල් තරංග බවත් , තවත් ක්‍රීඩකයන් 6 දෙනෙකු එක ශතකය බැගින් වාර්තා කර ඇති බවත් නොදන්නේද ?? (ඒ 6න් 2ක් විදේශීය ක්‍රීඩකයන් බටහිර ඉන්දීය ක්‍රීඩක හැර)

2) බංගලාදේශ සහ පාකිස්තාන එක්දින තරගාවලිවල ක්‍රීඩා නොකළ නිරෝශන් දික්වැල්ල Test කණ්ඩායමේද සැලකිය යුතු දස්කම් නොපෙන්වා ,ඩෙංගු රෝගය පවා වැලදී තිබියදී , පුහුණු තරගයකවත් දක්ශතා නොබලා කෙලින්ම කණ්ඩායමට පැමිණෙයේ දේව වරමකින්ද ??

3)තිසර පෙරේරා අවසන් වසරේම ජාත්‍යන්තර තරග මෙන්ම T20 Leage වල පවා දැඩිව අසාර්ථක , දේශීය තරගාවලියේ ක්‍රීඩා කළ සුලු තරග වලින්ද අසාර්ථක වී පුහුණු තරගවත් ක්‍රීඩා නොකර කෙලින්ම කණ්ඩායමට පැමිණි ආශ්චර්යය කුමක්ද ??

4) පළමු පුහුණු තරගයේ සාර්ථක වූ උපුල් තරංග දෙවැනි තරගයෙන් ඉවත් කර දෙවෙනි තරගයට පෙර ප්‍රධාන කණ්ඩායම නම් කළේ දෙවියන්ගේ කැමැත්තටද, එම තරගය ඔහුට ලබා දුන්නේ එය අසාර්ථක වූ සැණින් ඔහුගේ ක්‍රිකට් ඉවර කිරීමටද  ???

5) බොහෝ ජේශ්ඨ ක්‍රීඩකයන් පාකිස්තානයට නොයන විටක තරුණයන් සමග පාකිස්තානයට ගොස් සැලකිය යුතු දස්කම් දැක්වූ තිරිමාන්න එකවරම කණ්ඩායමෙන් විසි වන්නේ කුමන ක්‍රීඩකයාට සාධාරණයක් කිරීමටද ??

6) මිනෝද් භානුක වැනි අති දක්ශ කඩුළු රකින්නකු මෙන්ම ප්‍රභල පිතිකරුවෙකු , අවස්ථාව නොදි හරි හමන් පාරක් ගැසීමට නොහැකි දික්වැල්ලට මෙතරම් අවස්ථා දෙන්නේ කුමක් නිසාද , දික්වැල්ල පසුගිය කාලයේ දිනවපු තරගයක් වත් තිබේද ??

7) 2018ලෝක කුසලාන සංචිතයෙන්( ආබාධය සුවවී සිටි) දසුන්  , අකිල , වැන්නවුන් එලියට යන්නේ කුමක් නිසාද ??

8) කාලයක් ක්‍රීඩා නොකළ සැලකිය යුතු දක්ශතා නොදැක්වූ වැන්ඩසේ , මිලින්ද වැන්නවුන් 2019 ලෝක කුසලානයට ගෙන ආවේ තේරීම් කමිටුවට තේරීම වැඩි නිසාද ?? කොදෙද් තරගයේ වැන්ඩසේට දිගට හරහට බැට දුන් නිසා මාස ගණනාවකින් පන්දු නොයැවූ මැතිව්ස්ට පන්දු යැවීමට සිදුවිය

9) කාලයක් පුරාවට දැඩි ලෙස අසාර්ථක වූ තිසරට 2019 ලෝක කුසලාන සංචිතයේ ඉඩ ලැබෙන්නේ ඇයි ??

10) කිසිම දියුණුවක් නොපෙන්වන දග පන්දු යවන්නෙකු වන සදකැන් හට සෑම තරගාවලියකම සහභාගිත්වය ලැබෙන්නේ කවුරුන් නිසාද ??

11) පහුගිය වසර 5 දේශීය මෙන්ම ශ්‍රීලංකා A තරගවල වැඩිම කඩුලු ලබාගත් ලංකාවේ දැනට සිටින හොදම කඩුලු දවා ගන්නා මාලින්ද පුශ්පකුමාරට පුහුණු තරගයක් වත් නොදී , සංචිතයකටවත් කතා නොකර ඔහුගේ ක්‍රීඩා ජීවිතය විනාශ කිරීමට උත්සාහ කරන්නේ කවුද ??

12)  සියලුම මාද්‍ය වේදීන් අපහසු තාර්කික ප්‍රශ්න නොඅසන්නේ මාද්‍ය වේදීන්ට වාරණයක් දමා ඇති නිසාද එසේ නැත්නම් වෙනත් කරුණක් නිසාද ? විදූ ඇතුළු සමහරුන් අසාධාරණයට කතා නොකර තේරීම් කමිටුව වෙනුවෙන් පෙනී සිටින්නේ කුමක් නිසාද ??

13) හතුරුසිංහ තමන්ගේ මුල්ම කාලයේ ඉතා හොදින් කණ්ඩායම දියුණු කරමින් සිටියත් , වත්මන් තේරීම් කමිටු සභාපති පැමිණ , නායකයන් ක්‍රීඩකයන්  සියල්ල මාරුකර , කළමණාකාරීත්‍වයටද පැමිණ හතුරුසිංහට යන පාර කැපූ බන දන්නේ කීයෙන් කී දෙනාද ??

14) කොතරම් දක්ශතා දැක්වුවද Test තරගවල දැඩි සේ අසාර්ථක තිරිමාන්න කණ්ඩායමේ තබාගෙන පැතුම් නිස්සන්කලාගේ ක්‍රිකට් විනාශ කරන්නේ ඇයි ??

15) විවිද හේතු කියමින් කුසල් ජනිත්ව Test කණ්ඩායමෙන් ඉවත් කර ,කඩුළු රකින අසාර්ථක දික්වැල්ලම තබා ගන්නා හේතුව කුමක්ද

දැනට මේ ඇත තවත් බොහෝ දේ ලිවීමට හැකි වුවද , පසුව ඒ ගැන කතා කරමි, ක්‍රීඩා බලධාරීන් මෙන්ම වත්මන් රජයටද මේ වගකීමෙන් මිදීමට නොහැකිය , ක්‍රීඩා ඇමතිතුමාට මේ ගැන තේරෙන්නේ නැත්නම් ,

 ප්‍රවීණ ක්‍රීඩක මණ්ඩලයක් පත්කර උපදෙස් ලබා ගත හැකිය , ක්‍රීඩා ඇමතිතුමාට බලය ඇති නිසා තේරීම් කමිටුව  සදහා මදය්ස්ත හැකියාව ඇති පැරණි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පත් කළ හැකිය , ( ක්‍රිකට් තේරීම් කමිටුව වග කියන්නේ ඇමතිතුමාට වීම නිසා ) නැත්නම් දැන් වගේ එකම බෝට්ටුවේ යනු ඇත , ක්‍රීඩා අමාත්‍යතුමනි මෙයට වහා මැදිහත් වෙන්න

සටහන : සජීව රත්කරව්ව

Leave a Comment