in

ලෝක කුසලාන සංචිතය සහ වැරදි නිවැරදි කර ගැනීම

ලෝක කුසලානයට තව ඉතිරිව ඇත්තේ මාස දෙකකට ආසන්න කාල සීමාවකි , අද වන විට තත්ත්වය තරමක් බැරෑරුම් ස්වරූපයක් ගෙන තිබේ, ඊට මූලිකම හේතු ලෙස පුහුණුකරු  හා තේරීම් කමිටු සභාපති  අතර පවතින සීතල යුද්ධයද , තනි දින තරග නායක සහ සුපිරි නමුත් කාලයක සිට  තුන් ඉරියව් දක්ශතා අමතක වී ඇති ක්‍රීඩකයෙක් අතර පවතින ආරවුල සමථයකට පත්ව නොමැති නිසාවෙනි. ටෙස්ට් සංචිතයට සිදුකල නව ක්‍රීඩක අත් හදා බැලීම්  කිරි ගහට අනින්නාක් මෙන් අතිසාර්ථ වූයේය. ඕශද ප්‍රනාන්දු ,විශ්ව ප්‍රනාන්දු , ඇබුල්දෙනිය සහ කුසල් පෙරේරා  එවැනි සාර්ථක වූ ක්‍රීඩකයන්ය. ලෝක කුසලානය අරභයා චන්දික හතුරුසිංහ ආගමනයත් සමග යම් ක්‍රීඩකන් පිරිසක් මුවහත් කරගෙන යන බවක් දක්නට ලැබිණි . කුසල් මෙන්ඩිස්ට ලබා දුන් අවස්ථා වලට ඔහු මැනවින් සාධාරණයක් සිදු කරමින් සිටී , ඒ අතිශය වේගවත් දකුණු අප්‍රිකානු  පංදු යවන්නන් රොත්තකට එරෙහිව එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිණි. දුවද්දි තුන් වරක් දැවී නොයන්නට ඔහුගේ නමින් ශතකයක් හෝ දෙකක් ඉඩ කඩ තිබිණ, ධනංජය, අකිල ,ධනුෂ්ක , දික්වෙල්ල , දසුන් එවනිවම ලෝක කුසලානය ඉලක්ක කර ගෙන සූදානම් කර ගනිමින් සිටි ක්‍රීඩකයන්‍ වේ, ඇන්ජි , ධනුෂ්ක , කණ්ඩායමෙන් ඉවතට යද්දී ( Half baked) අසිත , පියමාල්,කමිදු , වැන්නවුන් එක්දින සංචියට ගෙනාවද , අන්තර්ජාතික තරග සහ ඔවුන් තරග කල තරග වල පරතරය මත ඔවුන් අසාර්ථක වූවා මිස ඔවුන්ගේ දක්ශතාවයේ අඩුවක් නිසා නොවේ. මෙවැනි වැදගත්ම තරගාවලියක් ආසන්නයේ මාගේ මතය නම්, අඩු පීඩනයක් සහිතව ඔවුන්ව ලෝක කුසලානයෙන් පසුව යොදා ගත් යුතුව තිබිණි . ධනංජය සිල්වා මුල් පෙලේ දක්ශත පෙන්වන ක්‍රීඩකයෙක් හෙයින් ඔහුගෙන් උපරිම පල නෙලාගත් යුතුව තිබුණේ එම ස්තානයේය. අංක 6,7 හා 8 තැන් වල යොදවා ගැනීම ඔහුගේ දක්ශතා සිදුකළ මදිපුංචිකමක් යැයි මට හැගේ. අකිල නව ඉරියව්ව සමග එතරම් සාර්ථකත්වයක් නොපෙන්නුවත් ඔහු ඔහුගෙ රිදිමයට පැමිණේයි සිත උපකල්පනය කිරීම හැර කල හැකි වෙන දෙයක් නොමැත, දකුණු අප්‍රිකානු තණතිලි වල වැඩි දක්ශතා පෙන්වා ඇති ඕනෑම විටක පිත්තෙන් වුවද අපව පුදුමයට පත් කිරීමට හැකි ජීවන් මෙන්ඩිස් වැන්නකුගෙන් මීට වඩා වැඩක් ගත් යුතුව ඇත. මාලිංග සමග උදාන ලෝක කුසලානයට යා හැකි වේග පන්දු යවන්නන් ලෙස නම් කල හැකිය. උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹයද ඊට ලුණු ඇබුල් එකතු කරයි, නව පන්දුවෙන් දක්ශ ලෙස පන්දු යවන සුරංග ලක්මාල් කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩ කඩක් ඇතත් ඔහුගේ ඉනිම අවසාන පන්දු යැවීමේ අඩුපාඩුව සකස් කරගත යුත්තේ, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු එතරම් කැපී පෙනෙන දක්ශතාවයක් නොදැක්වූ නිසාය, මට දැනෙන ආකාරයට අනවශ්‍ය අවදානමකට නොයා අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සමග ලෝක කුස්ලානයට මුහුණ දීම වැදගත්    

 ආරම්භක පිතිකරු වශයෙන් තරංග , අවිශ්ක අත් හදා බැලීම අසාර්ථක නිසා කවදත් ආරම්භක පිතිකරු භූමිකාවේ දක්ශතා දක්වන දනුශ්ක ගුණතිලක සහ ටෙස්ට් කණ්ඩායම අභිප්‍රේණය කර කිසිම ආසියාතික රටකට ලබා ගත් නොහැකිව තිබූ දකුණු අප්‍රිකානු භූමියේ ටෙස්ට් ජයග්‍රහණයේ මෙහෙයුම් කප්පිත්තා වන්නේ දිමුත්‍ කරුණාරත්නයි.ඔහු නායකයා වුවද මම එහි කිසිම අඩු පාඩුවක් නොදකී, මා සිතන විදියට අමතර ආරම්භක පිතිකරුවා සහ අමතර කඩුලු රකින්නා වන්නේ නිරෝශන් දික්වැල්ලයි ඔහු තමාගේ තරම සහ වගකීම තේරු අරන් ක්‍රීඩා කල යුතුය. අංක තුන ස්තානය දනංජය සිල්වාටද ,අංක 4 ,හා 5 කුසල් මෙන්ඩිස් සහ ඇන්ජි ක්‍රීඩා කල යුතුව ඇත, ඕනෑම ස්ථානයක තරගයේ ස්වභාවය අනුව හැඩ ගැසී ක්‍රීඩා කල හැකි කුසල් ජනිත් අංක් 6 ස්තානයේ තැබිය යුත්තේ,කණ්ඩායම සමබර කළ හැකි නිසා වෙනි ,උදාන , අකිල , ලක්මාල් සහ මාලිංග මා දකින ආකාරයට ” My first choice 11 ” ලෙස නම් කල හැකිය . දික්වෙල්ල , දසුන්, ජීවන් හා වර්තමානයේ කඩුලු අතර සිටින ඕනෑම අවස්ථාවක තරගයක් වෙනස් කළ හැකි සටන්කාමී ධම්මික ප්‍රසාද් සැදී පැහැදී සිටිනු නොඅනුමානයි . ප්‍රතිවාදී කණ්ඩායම සහ අනෙකුත් තත්ත්වයන් සලකා බලා සුලු සුලු වෙනස්කම් සිදු කල හැකිය, මෙහි සදහන් කල පසුගිය එක්දින සංචිතයේ නොසිට් ක්‍රීඩකයන්ට දකුණු අප්‍රිකානු තරගාවලියේ අවස්ථාව ලැබුනානම් වඩා යෝගය බව කිව යුතුය. සි‍යල්ල සිද්ද වී හමාරය . සියලුම තරුණ සහ පරිණත ක්‍රීඩකයන්ගෙන් සමන්විත පලාත් 4කට ක්‍රීඩකයන් වෙන් කර ඇත , එම තරගාවලියේදී උපරිම පල නෙලාගෙන හොදම කණ්ඩායම තෝරා ගැනීමට තේරීම් කමිටුවට ඝන දෙවි නුවණ පහල වේයයි ප්‍රර්ථනා කරමි.  ජය වෙව ශ්‍රීලංකා 🙏🙏

Leave a Comment