in

ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලෙන සුපිරි පළාත් සටන 24 දා ඇරඹෙයි

ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කරන ලද තවත් එක් සැලසුමක් වන කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මෙවරත් මෙම මස 24 වැනිදා සිට එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

මෙවර තරගාවලිය සඳහාද කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන පළාත් කණ්ඩායම් හතරෙහි සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එහිදී කොළඹ පිල ඕෂධී රණසිංහද, මහනුවර පිල හර්ෂිතා මාධ්‍යවීද, ගාල්ල නිලක්ෂි සිල්වා ද සහ දඹුල්ල කණ්ඩායම චමරි අතපත්තු විසින්ද මෙහෙයවනු ඇත.

Leave a Comment